පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ වියදම් නිවාමන පනත යටතේ භාරදිය යුතු ආදායම් සහ වියදම් වාර්තා භාරදීමේ අවසන් දිනය හෙට (27) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතවයි.
ඒ අනුව මෙතෙක් එම වාර්තා භාර නොමැති දේශපාලන පක්ෂ ස්වාධීන කණ්ඩායම්වල සියලුම අපේක්ෂකයින්, කණ්ඩායම්වල දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් තමන්ගේ ආදායම් සහ වියදම් වාර්තා හෙට මධ්‍යම රාත්‍රි 12ට පෙර තමන් ඉදිරිපත් වූ දිස්ත්‍රික්කයේ ඇති තේරීම් භාර නිලධාරීවරයා වෙත භාර දිය යුතු වනවා.
එසේම ආදායම් සහ වියදම් වාර්තා භාරීමේ කාලය කිසි සේත් දීර්ඝ නොකරන බවත් පනත ප්‍රකාරව ඡන්ද විමසීම අවසන් වී දින 21ක් ඇතුළත වියදම් වාර්තා භාර දීම සිදුකළ යුතු බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා අවධාරණය කරනවා.
වියදම් වාර්තා භාර ගැනීම සඳහා හෙට දිනයේදී මධ්‍යම රාත්‍රි 12 දක්වා දිවයිනේ සියලු මැතිවරණ කාර්යාල විවෘතව තැබෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

