රුපියල පහළට

පසුගිය සතියට සාපේක්ෂව අද දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරය හමුවේ සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 295.18 සිට රු. 295.24 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් මිල ද රු. 303.58 සිට රු. 303.70 දක්වා ඉහළ ගොස් තිබේ.