මදුරුවන් බෝ විය හැකි පරිශ්‍ර 1,470කට නීතිමය පියවර

මැයි 09 වනදා සිට 24 වැනිදා දක්වා දිවයින පුරා ක්‍රියාත්මක කළ විශේෂ මදුරු මර්දන වැඩසටහනේ දී මදුරුවන් බෝවිය හැකි ස්ථාන සහිත පරිශ්‍ර 30,000 කට වැඩි සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

විශේෂ මදුරු මර්දන සතිය තුළ පරිශ්‍ර 128,824ක් පරික්ෂාවට ලක් කර ඇති අතර එහිදි මදුරුවන් බෝවිය හැකි ස්ථාන 31,145ක් හඳුනා ගෙන තිබෙනවා.

එසේම මදුරු කීටයන් සහිත පරිශ්‍ර 6,777ක් මෙහිදි හඳුනාගෙන ඇති අතර මදුරුවන් බෝවන පරිදි පරිශ්‍ර පවත්වාගෙන ගිය 3,916ක් සඳහා රතු නිවේදන නිකුත් කර තිබෙනවා.

තවත් මදුරු කීටයන් සහිත පරිශ්‍ර 1,470 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමටද පියවර ගෙන තිබෙනවා.

නිරිත දිග මෝසම් වර්ෂාව සක්‍රිය වීමත් සමග ඉදිරි කාලයේදි තවදුරටත් ඩෙංගු ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළයාමට හැකි බැවින් ඒ පිළිබඳව අවධානය යොමු කරන ලෙසයි සෞඛ්‍ය අමාතංශය ජනතාවට දැනුම් දෙන්නේ.