සිය සේවාව තුල නිර්මාණය වී ඇති ගැටලු සඳහා රජය විසින් විසඳුම් ලබානොදිම හේතුවෙන් වෘත්තිය ක්‍රියාමාර්ග වෙත එළඹීමට පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඒ අනුව සිය ගැටලු සඳහා හෙට (26) දිනය තුළ විසදුම් ලබා නොදෙන්නේ නම් අනිද්දා (27) දින උදෑසන 08.00ට වෘත්තිය ක්‍රියාමාර්ග ආරම්භ කරන බවයි ඔවුන් අවධාරණය කරන්නේ.
පරිපූරක වෛද්‍ය සේවාවේ පැනනැගි ඇති ගැටලු විසඳා ගැනීමට සෞඛය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමග අවස්ථා කිහිපයකදි සාකච්ඡා සිදු කළද ඒ සියල්ලක්ම අසාර්ථක වු බව ඔවුන් පෙන්වා දෙනවා.
රාජ්‍ය විශ්වවිද්‍යාල වලින් උපාධි හදාරණ ලද සිසුන් සෞඛ්‍ය වෘත්තීන් සඳහා බදවා නොගැනීම,පවතින පුරප්පාඩු සඳහා විසඳුම් ලබානොදීම ඇතුළු කාරණා රැසක් මුලික කරගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹීමට තීරණය කර ඇති බව සඳහන් වේ.

