රුසියාව විසින් මෙතෙක් එක් රාත්‍රියක දී එල්ල කරන ලද වැඩිම ඩ්‍රෝන යානා සහ මිසයිල සංඛ්‍යාව ලෙස සැලකිය හැකි දැඩි ප්‍රබල ගුවන් ප්‍රහාර මාලාවක් යුක්රේනයට එල්ල කර තිබෙනවා.
මෙම ප්‍රහාරය හේතුවෙන් ළමුන් තිදෙනෙකු ඇතුළුව අවම වශයෙන් පුද්ගලයින් 14 දෙනෙකු මිය ගොස් දුසිම් ගණනක් තුවාල ලැබූ බවයි යුක්රේන නිලධාරින් සඳහන් කරන්නේ.
යුක්රේන අගනුවර වන කියෙව් යුද්ධයේ දරුණුතම ප්‍රහාරයකට ලක්වීමෙන් දිනකට පසු මෙම ප්‍රහාරය එල්ල කර තිබෙනවා.
සටන් විරාමයක් සඳහා කරන ඉල්ලීම් රුසියාව විසින් දිගින් දිගටම නොසලකා හරිමිනුයි මෙම ප්‍රහාර සිදු කර ඇත්තේ
පුටින් 2022 පෙබරවාරි මාසයේදී යුක්රේනයට පූර්ණ පරිමාණයේ ආක්‍රමණයක් දියත් කළ අතර, රුසියාවේ අගනුවර වන මොස්කව් විසින් දැනට යුක්රේන භූමියෙන් 20% ක් පමණ පාලනය කරනු ලබනවා.

