ජුනි 1 වන දින සිට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ආහාර මිල සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා.
කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් පාර්ලිමේන්තු කමිටුව විසින් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවට අනුව, මෙම සංශෝධනය විධායක සහ විධායක නොවන කාර්ය මණ්ඩල සාමාජිකයින් යන දෙපිරිසටම අදාළ වනවා.
විධායක ශ්‍රේණියේ නිලධාරීන්ගෙන් ආහාර සඳහා මසකට රු. 4,000 ක් අය කෙරෙන අතර, විධායක නොවන කාර්ය මණ්ඩලයෙන් රු. 2,500 ක් අය කෙරේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, රියදුරන්, පොලිස් නිලධාරීන්, ජනාධිපති සහ අගමැති ආරක්ෂක නිලධාරීන් සහ මාධ්‍යවේදීන් විසින් පාර්ලිමේන්තු පොදු ආපන ශාලාවෙන් මිලදී ගන්නා ආහාරවල වර්තමාන මිල ගණන් නොවෙනස්ව පවතිනු ඇත.
කාර්ය මණ්ඩල ඉල්ලීම් සහ භාණ්ඩාගාර නිර්දේශ මත පදනම්ව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට ලබා දෙන ආහාර පිරිවැය ආවරණය කිරීම සඳහා සෑම වසර තුනකට වරක් සිදු කරනු ලබන සංශෝධනයකට අනුවයි මෙම මිල වෙනස් වීම සිදු වෙන්නේ.

