2022 දී පූර්ණ පරිමාණ රුසියානු ආක්රමණය ආරම්භ වීමෙන් පසු විශාලතම සිරකරු හුවමාරුව ලෙස සැලකිය හැකි සිරකරු හුවමාරුවක් සිදු වී තිබෙනවා.
සතියකට පෙර ඉස්තාන්බුල්හි පැවති සෘජු සාකච්ඡාවලදී දෙපාර්ශවයම එකඟ වූ එකම ගිවිසුමේ කොටසක් ලෙසයි මෙම සිරකරු හුවමාරුව සිදු කර ඇත්තේ.
ඒ අනුව මෙහි දී දෙපාර්ශවය විසින් ම යුක්රේන දේශසීමාවේ සෙබළුන් 270 ක් සහ සිවිල් වැසියන් 120 ක් බැගින් ආපසු භාර දී තිබෙනවා.
දෙපාර්ශ්වයම සිරකරුවන් 1,000 ක් හුවමාරු කර ගැනීමට ගිවිසුමේ දී එකඟ වී ඇති අතර ඉදිරි දිනවලදී තවත් හුවමාරු කිරීම් සිදුවන බව තහවුරු කර ඇත.

