පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහා අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනය හෙට (20) උදෑසන 5.30 දක්වා බලපැවැත්වෙනවා.
අදාළ ප්‍රදේශවල මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 55 – 65 දක්වා වැඩි විය හැකිය.
මේ හේතුවෙන් අදාළ ප්‍රදේශවල නාවික හා ධීවර ප්‍රජාවට සැලකිලිමත් වන ලෙස යි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

