ලුණු හිඟය මගහරවා ගැනීම සඳහා ඉන්දියාවෙන් ආනයනය කරන ලුණු තොගය ලබන සතියේ මෙරටට ලැබීමට නියමිත බව ලංකා ලුණු සමාගම පවසනවා.
එම ආනයනික ලුණු තොගය මාස 3කට ප්රමාණවත් බවයි එහි සභාපති බී. නන්දනතිලක මහතා පැවසුවේ.
පසුගිය මාර්තු 15 වැනිදා සිට හම්බන්තොට, අලිමංකඩ සහ පුත්තලම ලේවායන්හි ලුණු අස්වැන්න ලබාගැනීමට නොහැකි වීම හේතුවෙන් වෙළෙඳපොළේ ලුණු හිඟයක් මතුව තිබෙනවා.
මෙම හිඟයත් සමග ලුණු කිලෝවක මිල ද රුපියල් 350ත් 400ත් අතර අගයක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.
ලුණු හිඟය මගහරවා ගැනීම සඳහා ලබන මස 10 වැනිදා දක්වා රජයේ ලුණු සමාගම් දෙකට සහ පෞද්ගලික වෙළෙඳුන්ට ලුණු ආනයනයට රජය විසින් අවසර දෙනු ලැබුවා.

