එළඹෙන ජුනි මස 7 සිට 13 දක්වා පොසොන් සතිය ලෙස ප්‍රකාශයට පත්කර ඇති බව පොසොන් කමිටුව දැනුම් දෙනවා.
මෙවර පොසොන් පුර පසළොස්වක පොහොය දිනය එළඹෙන මස 10 වන දිනට යෙදී තිබෙනවා.
ජාතික පොසොන් සතිය තුළ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වෙනුවෙන් සිදුකරන ගෞරවයක් ලෙස සලකා කටයුතු කරනවා මිස අනුරාධපුර පූජා නගරය සංදර්ශන භූමියක් බවට පත් කර නොගන්නා ලෙසයි අටමස්ථානාධිපති පූජ්‍ය ආචාර්ය පල්ලේගම හේමරතන නායක ස්වාමීන් වහන්සේ මෙහිදී සියලු ජනතාවගෙන් ඉල්ලීමක්ද කරන්නේ.
අනුරාධපුර පූජා නගරය, තන්තිරිමලය හා මිහින්තලය පුදබිම් කේන්ද්‍ර කරගනිමින් ජුනි මස 07 සිට 13 දක්වා ජාතික පොසොන් සතිය පැවැත්වෙන කාලසීමාව තුළදී විවිධ ආගමික වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

