ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

බස්නාහිර, මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත් සහ මුලතිව් සහ වව්නියා දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය අද (15) රාත්‍රී 11.30 දක්වා බලපැවැත්වෙනවා.

මේ හේතුවෙන් අදාළ ප්‍රදේශවල ජනතාවට සැලකිලිමත් වන ලෙසයි දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

ගිඟුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ද ඇති විය හැකියි.