UGC වෙබ් අඩවිය බිඳ වැටෙයි

විශ්වවිද්‍යාලීය ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය බිඳවැටීමට ලක්ව ඇතැයි වාර්තා වෙනවා. 

එම වෙබ් අඩවියේ සිදු කෙරෙන යාවත්කාලීන කිරීමක් හේතුවෙන් එය බිඳවැටීමට ලක්ව ඇති බවයි සඳහන් වෙන්නේ.

මේ අතර වෙබ් අඩවිය අද දිනය තුළදී නැවත යථාවත් කිරිමට කටයුතු කරන බවයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ඉංජිනේරු චාරුක දමුනුපොළ කියා සිටියේ.

මේ දිනවල 2024 අ . පො . ස . උසස් පෙළ විභාග ප්‍රතිඵල මත පදනම්ව විශ්වවිද්‍යාල සඳහන් අයදුම් කිරීමේ කටයුතු ද මෙම වෙබ් අඩවිය හරහා සිදු වෙමින් පවතිනවා.