Microsoft සමාගමෙන් දැවැන්ත සේවක කප්පාදුවක්

කෘත්‍රිම බුද්ධිය (AI) හේතුවෙන් Microsoft සමාගම විසින් සේවකයින් 7000ක් පමණ සේවයෙන් ඉවත්කිරීමට තීරණය කර තිබෙනවා.

මෙය සමාගමේ සිය ශ්‍රම බලකායෙන් 3% ක් පමණ වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම සේවක කප්පාදුව සියලු තරාතිරම් වලට සහ සියලු රටවලට අදාළ වන බවයි සමාගම සඳහන් කරන්නේ.

2023 දී මයික්‍රොසොෆ්ට් සමාගම විසින් සේවකයින් 10,000 ක් සේවයෙන් පහ කරනු ලැබූ අතර ඉන් පසු සේවක කප්පාදුවක් කරන විශාලතම අවස්ථාව මෙය වනවා.

AI දියුණු කිරීම සඳහා වඩාත් ඉහළ පිරිවැයක් යෙදීම අරමුණු කර ගනිමුයි මෙම සේවක කප්පාදුව කිරීමට එම සමාගම තීරණය කර ඇත්තේ.

පසුගිය වසරේ ජුනි මස අග වන විට සමාගමට මුළු සේවකයින් 228,000 ක් සිටි අතර ඉන් සේවකයින් 126,000 ක් ම ඇමරිකානුවන් වනවා.