සිරකරුවන් 388 දෙනෙකුට විශේෂ රාජ්‍ය සමාව

අදට (12) යෙදී ඇති වෙසක් දිනය වෙනුවෙන් බන්ධනාගාර ගත සිරකරුවන් 388 දෙනෙකුට විශේෂ රාජ්‍ය සමාවක් ලබා දී තිබේ.

ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන ව්‍යවස්ථාව මඟින් පැවරී ඇති බලතල අනුව මෙලෙස විශේෂ රාජ්‍ය සමාව පිරිනමා ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා පැවසුවේය.

එම පිරිස අතර කාන්තා රැඳවියන් 04 දෙනෙකු හා පිරිමි රැදවියන් 384 දෙනෙකු සිටිනවා.

නියමයන් සහ කොන්දේසි යටතේ මෙම විශේෂ රාජ්‍ය සමාව පිරිනමා තිබේ.