තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව තහනම් කරයි

ඇෆ්ගනිස්ථානය පාලනය කරන තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා.

චෙස් ක්‍රීඩාව සූදුවක් වේයැයි ඇති වූ බිය හේතුවෙනුයි මෙම තහනම පනවා ඇත්තේ.

ඉස්ලාමීය නීතිය සමඟ එහි අනුකූලතාවය තීරණය කළ හැකි වන තෙක් ක්‍රීඩාව දින නියමයක් නොමැතිව තහනම් කර ඇති බවයි රජය සඳහන් කරන්නේ.

තලේබාන් රජයේ ක්‍රීඩා අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රකාශක අටල් මෂ්වානි පවසා ඇත්තේ ඉස්ලාමීය ෂරියා නීතියේ චෙස් “සූදුව සඳහා මාධ්‍යයක් ලෙස සලකනු ලැබේ” යනුවෙනි.