ඍජු සාකච්ඡාවලට එන්නැයි පුටින්ගෙන් යුක්රේනයට ආරාධනයක්

යුද්ධය සම්බන්ධයෙන් ඍජු සාකච්ඡාවක් පැවත්වීම සදහා රුසියානු ජනාධිපති ව්ලැදිමියර් පුටින් යුක්රේනයට ආරාධනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

ශක්තිමත් සාමයක් ළගා කර ගැනීම සඳහා දෙරට අතර බැරෑරුම් සාකච්ඡා සිදු කළ යුතු බවයි රුසියානු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කරමින් සදහන් කර ඇත්තේ.

එසේම මෙම සාකච්ඡා ලබන සතිය අවසාන වීමට ප්‍රථම ආරම්භ කළ යුතු බවද ඔහු අවධාරණය කරනවා.

කෙසේ වෙතත්, ඊයේ දිනයේදී බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය කීර් ස්ටාර්මර් සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ඇතුළු යුරෝපීය නායකයින් යුක්රේනයට ගොස් යුධ ගැටුම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා තිබූ අතර, එහිදී දින 30 ක සටන් විරාමයකට එකඟ වන ලෙස රුසියාවෙන් ඔවුන් ඉල්ලා තිබුණා.

කෙසේවෙතත් තවමත් යුක්රේනය මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා නැහැ.