ඉන්දියාව සහ පාකිස්තාන දේශසීමා ආසන්නයේ ඇතිවී තිබෙන යුද උණුසුම හේතුවෙන් 2025 IPL තරඟ අත්හිටුවීමට තරග සංවිධායකයින් තීරණය කර තිබෙනවා.
ඊයේ IPL පළමු ඉනිමේ මැද භාගයේදී පන්ජාබ් කිංග්ස් (PBKS) සහ දිල්ලි කැපිටල්ස් (DC) අතර තරගය අත්හැර දැමීමට තීරණය කිරීමෙන් පසුවයි මෙලෙස තරඟාවලිය ම අත්හිටුවීමට තීරණය කර ඇත්තේ.
ධර්මශාලා ගුවන්තොටුපළ සහ ඒ අවට ප්රදේශවල ඒවා වසා දැමීමත් සමඟ, PBKS සහ DC හි ක්රීඩකයින් සහ සහායක කාර්ය මණ්ඩලය සිකුරාදා උදෑසන IPL විසින් සංවිධානය කරන ලද විශේෂ දුම්රියකින් දිල්ලියට ගෙන යනු ලැබුවා.

