රෝමානු කතෝලික පල්ලියට නායකත්වය දීම සඳහා නව පාප් වහන්සේ කෙනෙක් තෝරා ගෙන තිබෙනවා.
වතිකානුවේ චිමිනියෙන් සුදු දුමාරයක් වීමත් සමඟ මේ බව නිවේදනය කර සිටිනවා.
කෙසේවෙතත් තවමත් නව පාප්වහන්සේ කවුද යන්න අනාවරණය කර නැහැ.
ඔහු ඉක්මනින්ම ශාන්ත පීතර චතුරශ්රයට ඉහළින් ඇති බැල්කනියේ පෙනී සිටිනු ඇතැයි අපේක්ෂා කරනු ලබනවා.

