ලොව පුරා වූ පුද්ගලයන් සම්බන්ධ කරමින් දශක දෙකකටත් වැඩි කාලයක් තිස්සේ පැවති Skype යෙදවුම අද සිය මෙහෙයුම් කටයුතු නවතා දැමුවා.
Skype හි වර්තමාන හිමිකාරිත්වය දරන Microsoft ආයතනය විසින් මේ සම්බන්ධයෙන් පසුගිය පෙබරවාරි මාසයේ දී නිවේදනය කරනු ලැබුවා.
එසේම ඔවුන් මේ වෙනුවට Microsoft Teams භාවිතා කරන ලෙස ද දැනුම් දෙනු ලැබුවා.
මේ අතර පරිශීලකයින්ට ඔවුන්ගේ Skype දත්ත අපනයනය කිරීමට හෝ මකා දැමීමට 2026 ජනවාරි දක්වා කාලය ලබා දී තිබෙනවා.

