රුහුණු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවකගේ පියෙකුට කොරෝනා

මාතර වැල්ලමඩම ප්‍රදේශයේ පිහිටි රුහුණු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවකගේ පියෙක් නව කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනාගෙන තිබේ.

ඒ අනුව අදාළ ශිෂ්‍යාව සහ ඇය සමග දෙවුන්දර, කපුගම ප්‍රදේශයේ පිහිටි නවාතැන්පළක රැඳී සිටි තවත් සිසුවියක් ද නිරෝධානයට යොමුකර ඇති බව වාර්තා වේ.