පසුගිය වසර 10ක කාලසීමාව තුලදී මෙරට සිදුකෙරුණු වැඩවර්ජන හේතුවෙන් රුපියල් කෝටි 300 ඉක්මවූ මුදලක් අහිමිවී ගොස් ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසනවා.
එම වසර 10ක කාලය තුලදී මෙරට වැඩවර්ජන 386ක් සිදුව ඇති බවත්, ශ්‍රම දින 662,388ක් රටට අහිමිව ගොස් ඇති බවත් ඔහු අවධාරණය කරනවා.
එසේම, එම වැඩවර්ජන සඳහා සම්බන්ධ වී ඇති සේවකයින් පිරිස 115,356ක් වන අතර, වැඩිම වැඩවර්ජන සංඛ්‍යාවක් ලෙස වැඩවර්ජන 51ක් සිදුව ඇත්තේ 2018 වර්ෂයේදී වනවා.
එම වැඩවර්ජන අතර, අධ්‍යාපන, සෞඛ්‍ය, වතු, ප්‍රවාහන හා ඇඟලුම් යන ක්ෂේත්රවල වැඩිම වැඩවර්ජන ප්‍රමාණයක් සිදුව ඇති බවයි ඔහු සඳහන් කළේ.

