Titanic නෞකාවේ මගියෙකු විසින් නැව ගිලී යාමට දින කිහිපයකට පෙර ලියන ලද ලිපියක් එක්සත් රාජධානියේ වෙන්දේසියකදී වාර්තාගත පවුම් 300,000 (ඩොලර් 400,000) කට අලෙවි වී තිබෙනවා.
නිව්යෝර්ක් බලා යාත්‍රා කරන ටයිටැනික් නෞකාවේ සිටි මගීන් සහ කාර්ය මණ්ඩලය 2,200 ක් පමණ දෙනාගෙන් එක් අයෙක් වූ Colonel Archibald Gracie විසින් මෙම ලිපිය ලියා තිබෙනවා.
ඒ 1912 අප්‍රේල් 10 වන දින, ඔහු Southampton හි ටයිටැනික් නෞකාවට ගොඩ වූ දින සහ උතුරු අත්ලාන්තික් සාගරයේ අයිස් කුට්ටියක ගැටීමෙන් පසු ගිලී යාමට දින පහකට පෙර දිනයි.
අප්‍රේල් 12 වන දින ලන්ඩනයේ තැපැල් සලකුණක් ද එම ලිපියේ තබා තිබෙන බවයි සඳහන් වෙන්නේ.
Colonel Archibald Gracie විසින් ටයිටැනික් අනතුරින් දිවි ගලවා ගනු ලැබුවත් හයිපෝතර්මියාව සහ ශාරීරික තුවාල හේතුවෙන් ඔහු 1912 දෙසැම්බර් 2 වන දින කෝමා තත්ත්වයට පත් වී මිය ගියා.

