පාප් වහන්සේගේ අවමංගල්‍ය වෙනුවෙන් ජාතික ශෝක දිනයක්

ජාතික ශෝක දිනයක් ලෙස අද දිනය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් හිමිපාණන්ගේ අවමංගල්‍ය කටයුතු හේතුවෙන්.

රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ආලෝක බණ්ඩාර සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් චක්‍රලේඛයක් මඟින් සියලු අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් දැනුවත් කර ඇති බවයි.

ඒ අනුව අද (26) දිනයේ සියලු රාජ්‍ය ආයතනවල ජාතික ධජය අඩකුඹු කළ යුතු වනවා.

ස්වර්ගස්ථ වූ අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ අවමංගල්‍ය උත්සවය අද වතිකානයේ ශාන්ත පිතර චතුරශ්‍රයේ පැවැත්වේ.