අප්‍රේල් සති 04ට සංචාරකයින් 144, 320ක් දිවයිනට

මෙම මාසයේ ගෙවුණු සති 04ක කාලය තුළ විදෙස් සංචාරකයින් 144, 320ක් මෙරටට පැමිණ ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය නිවේදනය කරනවා.

ඉන් වැඩිම පිරිසක් ඉන්දීය සංචාරකයින් වනවා.

එසේම බ්‍රිතාන්‍ය, රුසියාව, ජර්මනිය, ඕස්ට්‍රේලියාව, ප්‍රංශය, චීනය සහ බංගලාදේශ යන රටවලින් ද සංචාරකයින් වැඩි වශයෙන් මෙරටට පැමිණ තිබෙනවා.

වසරේ මේ දක්වා කාලය තුළ මෙරටට පැමිණ ඇති මුලු සංචාරකයින් සංඛ්‍යාව 866, 596 ක් ලෙසයි සටහන් වෙන්නේ.