ස්වර්ගස්ථ වූ අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය අද වතිකානයේ සාන්ත පීතර බැසිලිකාව වෙත රැගෙන ඒමට නියමිතව තිබෙනවා.
මේ වනවිට උන්වහන්සේගේ දේහය තැන්පත් කර ඇත්තේ කාසා සැන්ටා මාර්තා දේවස්ථානයේයි.
මේ අතර ශුද්ධෝත්තම පියාණන්ගේ අවමංගල්‍ය දිව්‍ය පූජාව ලබන සෙනසුරාදා පැවැත්වීමට නියමිත බවයි වතිකානය ඊයේ නිල වශයෙන් නිවේදනය කළේ.
වතිකාන වේලාවෙන් පෙරේදා උදෑසන කාසා සැන්ටා මාර්තා හී පිහිටි උන්වහන්සේගේ නිල නිවසේදී පාප් වහන්සේ ස්වර්ගස්ථ වුණා.
ශුද්ධෝත්තම පියාණන් ස්වර්ගස්ථ වීමට හේතුව ආඝාතය සහ හෘදයාබාධ තත්ත්වයක් බවයි ඊයේ වතිකානය නිල වශයෙන් ප්‍රකාශ කළේ.
පාප් වහන්සේගේ අභාවය හේතුවෙන් වතිකානයේ වැඩබලන ප්‍රධානියා ලෙස කාදිනල් කෙවින් ෆැරල් හිමිපාණන් පත් කර තිබෙනවා.

