පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ගත වූ දිනයේ දී මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි 162ක් ලැබී තිබෙනවා.
එම කොමිෂන් සභාවේ ජාතික හා දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි සම්බන්ධීකරණ මධ්‍යස්ථාන වෙත මෙම පැමිණිලි ලැබී ඇති බවයි සඳහන් වෙන්නේ.
කෙසේ නමුත් ඉහත පැමිණිලි අතරින් ප්රචණ්ඩ ක්‍රියාවකට අදාළව කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැත.
මාර්තු මස 20 වැනිදා සිට මේ දක්වා මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් ඇතුළු සිද්ධීන් සම්බන්ධයෙන් පැමිණිලි 1,874ක් ලැබී තිබෙනවා.
ඉන් පැමිණිලි 1607ක්ම මේ වනවිට විසඳා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

