වහාම iPhone යාවත්කාලින කරන ලෙස දැනුම් දීමක්

Apple විසින් iOS 18.4.1 නම් තීරණාත්මක ආරක්ෂක යාවත්කාලීනයක් නිකුත් කර ඇති බවින් හැකි ඉක්මනින් සිය දුරකථන update කරන මෙන් Apple සිය පරිශීලකයන්ගෙන් ඉල්ලීමක් කරනවා

සයිබර් ප්‍රහාර වලදී පාවිච්චි වූ ආරක්ෂක දුර්වලතා දෙකක් (CoreAudio සහ Pointer Authentication) හරහා අනවසර කේත ක්‍රියාත්මක කිරීම සහ සංවේදී දත්ත ලබා ගැනීමේ හැකියාවක් පැවතීම හේතුවෙනුයි Apple විසින් මෙම update එක හඳුන්වා දී ඇත්තේ.

මෙම දුර්වලතා, රාජ්‍ය නිලධාරීන් සහ මාධ්‍යවේදීන් වැනි විශේෂිත පුද්ගලයන් ඉලක්ක කරමින් ප්‍රහාර සිදු කිරීම සඳහා භාවිතා කර තිබුණු බවයි ඔවුන් සඳහන් කරන්නේ.

ඒ අනුව නව update එක හරහා CoreAudio සහ RPAC හි තීරණාත්මක ආරක්ෂක දෝෂ නිවැරදි කරමින් උපාංග වල වූ දත්ත වල ආරක්ෂාව සහතික කර තිබෙනවා.