හිස තෙල් ගෑමේ නැකත උදා වෙයි

අද පෙරවරු 09.04ට යෙදුනු සුබ මොහොතින් මෙවර සිංහල සහ දෙමල අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ නැකත උදා වුණා.

ඒ අනුව  කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා හිසට කොහොඹ පත් ද පයට කොලොන්පත් ද තබා කොහොඹපත් යුෂ මිශ්‍ර නානු ගා තෙල් ගා ස්නානය කිරීම මැනවි බවයි අවුරුදු නැකැත් සීට්ටුවේ සඳහන් වෙන්නේ.

මෙවර හිසතෙල් ගෑමේ රාජ්‍ය උත්සවය මහනුවර දළදා මාලිගා පරිශ්‍රයේ නාථ දේවාල භූමියේදී පැවැත්වෙනවා.