2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ (LA28) ක්‍රිකට් ක්‍රීඩාංගණය ලෙස දකුණු කැලිෆෝනියාවේ පමෝනා හි ෆෙයාර්ග්‍රවුන්ඩ්ස් (Fairgrounds in Pomona, Southern California) ප්‍රකාශයට පත් කිරීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පිළිගෙන ඇත.
LA28 හි ක්‍රිකට් තරඟයට පිරිමි සහ කාන්තා තරඟ සඳහා කණ්ඩායම් හය බැගින් සහභාගී කරවීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව තීරණය කර තිබෙනවා.
සෑම කණ්ඩායමකටම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 90 දෙනෙකු සඳහා කෝටා වෙන්කර ඇති අතර, ඒ අනුව සෑම කණ්ඩායමකටම සාමාජිකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කිරීමට හැකි වනු ඇත.
ICC සභාපති ජේ ෂා මහතා ස්ථානය තහවුරු කිරීම සාදරයෙන් පිළිගෙන ඇති අතර ක්‍රීඩා උළෙලේදී ක්‍රිකට් ක්‍රීඩාවේ සාර්ථකත්වය සහතික කිරීම සඳහා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) සමඟ හවුල්කාරිත්වයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ද සඳහන් කර ඇත.

