මාර්තු මාසයේ දී වාර්තාගත විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක්

මේ දක්වා විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් දෙවැනියට ලද විශාලතම ප්‍රේෂණ ප්‍රමාණය පසුගිය 2025 මාර්තු මාසයේ දී ලැබී ඇතැයි වාර්තා වෙනවා.

ඒ අනුව මාර්තු මාසයේ විදෙස් ප්‍රේෂණ ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 693.3ක් ලැබී ඇති බව සඳහන්.

මේ සමඟම 2025 පළමු කාර්තුව තුළ දී ශ්‍රී ලංකාවට ලැබී ඇති සමස්ත විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය 1,814.4 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙය 2024 පළමු කාර්තුව හා සැසඳීමේ දී 18.1%ක වර්ධනයකි.