අදත් විශේෂ බස් සහ දුම්රිය සේවා ක්‍රියාත්මකයි

සිංහල දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් ගම්බිම් බලා යන ජනතාව සඳහා විශේෂ බස් සහ දුම්රිය සේවා අදත් ක්‍රියාත්මක කර තිබෙනවා.

ජනතාවට ප්‍රමාණවත් පරිදි බස් රථ යෙදවීමට අදත් කටයුතු කර ඇති බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ධාවන හා සේවා අධීක්ෂණ අධ්‍යක්ෂ ෂෙරින් අතුකෝරල කියා සිටියේ.

මේ අතර, පිටකොටුව – බැස්ටියන් මාවත පෞද්ගලික බස් නැවතුම්පලට, මධ්‍යම බස් නැවතුම්පලට, මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට මෙන්ම කොටුව දුම්රිය ස්ථානයට ඊයේ ගම්බිම් බලා යෑම සදහා විශාල පිරිසක් පැමිණ තිබුණා.