බක් පුර පසළොස්වක පොහොය දිනය අදයි

බෞද්ධ සහ ශාසන ඉතිහාසයේ සිදුවීම් රැසක් සිදු වූ බක් පුර පසළොස්වක පොහොය දිනය අදට (12) යෙදී තිබෙනවා.

බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු වන්නේ ද බක් පුර පසළොස්වක පොහොය දිනයකදී වනවා.

එහි දී චූලෝදර සහ මහෝධර යන නාරජුන් දෙදෙනා අතර ඇති වූ ගැටුමක් සමථයකට පත් කිරීම සඳහා උන්වහන්සේ නාගදීපයට වැඩම කරනු ලැබුවා.

සටන් වැදී සිටි නාග ගෝත්‍රිකයන් අතරට බුදුරජාණන් වහන්සේ වැඩම කළ ද නාගයන් ඒ පිළිබඳව තැකීමක් සිදු නොකිරීම හේතුවෙන් උන් වහන්සේ ප්‍රාතිහාර්ය පාමින් ඔවුන්ව දමනය කරනු ලැබුවා.

පසුව චුලෝදර සහ මහෝදර නා රජවරු දෙදෙනා ඇතුළු සියලුම නාගයෝ තිසරණ සරණ ගිය අතර එම ආරවුලට මුල් වූ මැණික් පුටුව ද උන් වහන්සේට පූජා කරනු ලැබුවා.

එම මැණික් පුටුව මත වැඩ හිඳුවා බුදු රජාණන් වහන්සේ විසින් නාගයන්ට ධර්මය දේශනා කරනු ලැබූ අතර එම පුටුව නිදන් කර නාගදීපය ස්තුපය නිර්මාණය කෙරුනා.

එමෙන්ම සිදුහත් කුමරු සතර පෙර නිමිතිවලින් පළමු පෙර නිමිත්ත වූ මහල්ලාගේ රුව දැක තිබුණේ ද බක්පුර පසළොස්වක පොහෝ දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.