කොච්චර ආර්ථික අමාරුකම් තිබ්බත් අවුරුදු සමරන්නේ නැතුව කොහොමද නේද….
ඔන්න ඉතින් අද අපි අර ගෙන ආව හරිම ලේසියෙන් ගෙදර තියෙන අමුද්‍රව්‍ය වලින් හරිම රසට කිරිටෝෆි හදා ගන්න ක්‍රමයක් .
සාමාන්‍යයෙන් කිරිටෝෆි හදන්නේ අපි ටින් කිරි වලින් නේ, ඉතින් මේකේ තියෙන විශේෂත්වය තමයි ටින් කිරි නැතුව කිරිපිටි වලින් මේක හදා ගන්න පුළුවන්.
එහෙනම් අපි බලමු කොහොමද අපේ මේ කිරිටෝෆි එක හදා ගන්නේ කියලා
අවශ්‍ය ද්‍රව්‍ය
සම්පූර්ණ යොදය සහිත කිරිපිටි මේස හැදි 05යි (70g)
සීනී 200g
කජුමද ස්වල්පයක් (තියෙනවා නම් විතරක් ගන්න)
වැනිලා තේ හැදි 1/2යි
බටර් තේ හැදි 02යි
උණු වතුර 500ml
කිරි ටොෆි එක හදා ගන්න බටර් ටිකක් ගාපු තැටියක්
හදන ක්‍රමය
- ඉස්සෙල්ලම ඔයාගේ කිරිපිටි එක උණු වතුර එකේ හොඳට දිය කර ගන්න. පස්සේ එකටම සීනි ටිකත් එකතු කරලා හොඳට දිය කර ගන්න.
- ලිපේ ගින්දර ගොඩක් අඩු කරලා pan එකක් රත් කර ගන්න. ඒකට අපේ දිය කර ගත්ත කිරිපිටි සිනි මිශ්‍රණය දාලා රත් කරන්න. රත් කරන ගමන් නොනවත්වා හැඳි ගාන්න.
- ඉතින් මේ මිශ්‍රණය ටිකක් ඝන වී ගෙන එනකොට වැනිලා ටික සහ බටර් එකතු කර ගන්න. හොඳට මිශ්‍ර කර ගන්න.
- ඔයා කජු එකතු කර ගන්නවා නම් මෙන්න මේ වෙලාවේ කජු ටිකත් එකතු කර ගන්න පුළුවන්.
- විනාඩි 05ක් වගේ කාලයක් ගින්දර අඩුවෙන් සහ විනාඩි 02ක් වගේ කාලයක් ගින්දර වැඩියෙන් වගේ ගින්දර අඩු වැඩි කරමින් මේ කිරිටෝෆි එක හදා ගන්න.
- කිරිටෝෆි මිශ්‍රණය හොඳ ඝන ගතියකට ආවට පස්සේ ඉක්මනින් අර බටර් තවරා ගත්ත තැටියට දාලා අතුරලා ගන්න. හොඳට තුනී කර ගන්න.
- කිරිටෝෆි එක යාන්තම් ඝන ගතියට ආවට පස්සේ ඔයාට පුළුවන් අවශ්‍ය ප්‍රමාණයට කෑලි කපලා ගන්න.

