ඉන්දුනීසියාවේ රික්ටර් මාපක 5.9ක භූමිකම්පාවක්

ඉන්දුනීසියාවේ බටහිර අචේ (Aceh) පළාතේ අද (08) අලුයම 2:48ට රික්ටර් මාපක 5.9ක භූමිකම්පාවක් ඇතිව තිබෙනවා.

මුලින් රික්ටර් මාපක 6.2ක් ලෙස සඳහන් කළ නමුත් පසුව එය සංශෝධනය කර ඇති බව සඳහන්.

සිමියුලු රීජන්සි හි සිනාබැං නගරයේ සිට කිලෝමීටර 62 ක් ගිනිකොන දෙසින්, මුහුදු මට්ටමේ සිට කිලෝමීටර 30 ක් පහළින් මෙම කම්පනය ඇති වී තිබෙනවා

භූ කම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීම් කිසිවක් නිකුත් කර නොමැත.