දකුණු කොරියාවේ ජුනි 3 වන දින හදිසි ජනාධිපතිවරණයක් පවත්වන බව එරට වැඩබලන ජනාධිපති Han Duck-soo නිවේදනය කර තිබෙනවා.
ඒ පසුගිය වසරේ දෙසැම්බර් 14වනද යුධ නීතිය ප්‍රකාශ කිරීම හේතුවෙන් ඇති වූ අර්බුධකාරී තත්ත්වය හේතුවෙන් හිටපු ජනපති Yoon Suk-yeol ධුරයෙන් නෙරපීමට දුන් අධිකරණ තීන්දුවත් සමඟයි.
දකුණු කොරියානු නීතිය යටතේ, නායකයෙකු ධුරයෙන් ඉවත් කිරීමෙන් දින 60ක් ඇතුළත ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු වනවා.
සුමට මැතිවරණ මෙහෙයුම් සහතික කිරීමේ සහ දේශපාලන පක්ෂවලට සූදානම් වීමට ප්‍රමාණවත් කාලයක් ලබා දීමේ අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් රජය දිනය තීරණය කළ බවයි වැඩබලන ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

