වසර හයකට පසු ප්‍රථම වතාවට උතුරු කොරියාව ප්යොංයැං ජාත්‍යන්තර මැරතන් තරඟය මේ වසරේ පවත්වා තිබෙනවා.
විදේශීය ධාවකයන් 200 ක් පමණ මිට සහභාගී වී ඇති අතර එරට අගනුවර වූ හුදකලා වීදි වල තරඟය පවත්වා තිබෙනවා.
1981 දී ආරම්භ කරන ලද මෙම මැරතන් තරඟය අවසන් වරට දියත් කර ඇත්තේ 2019 දී වන අතර, එහිදී විදේශිකයන් 950 ක් සහභාගී වුණා.
පසුව කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් උතුරු කොරියාව වසා දැමීමත් සමඟ තරඟය ද පැවැත්වූයේ නැහැ.
බීජිං පදනම් කරගත් සංචාරක ආයතනයක් වන Koryo Tours මෙම තරඟයේ සුවිශේෂී හවුල්කරුවෙකු ලෙස නම් කර ඇති අතර මෙම තරඟය නැරඹීම සඳහා දින 06ක මැරතන් චාරිකා පැකේජයක් ද ඔවුන් හඳුන්වා දී තිබෙනවා.

