ඡන්ද පෝස්ටර් ඉවත් කිරීම සඳහා කම්කරුවන් 2,000ක්

ඡන්ද පෝස්ටර් ඉවත් කිරීම සඳහා කම්කරුවන් 2,000ක් පමණ බඳවාගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සඳහන් කළේ ප්‍රධාන පොලිස් ස්ථානයකට කම්කරුවන් 04දෙනෙක් බැගින් යොදවන බවයි.

එමෙන්ම අනෙකුත් පොලිස් ස්ථාන සඳහා කම්කරුවන් 3දෙනෙක් බැගින් යෙදවීමට සැලසුම් කර තිබෙනවා

මැයි 08වනදා දක්වා තාවකාලික පදනම යටතේ ඔවුන් බඳවාගෙන ඇති බව සඳහන්.