ගෝලීය කෝපි මිල වාර්තාගත ලෙස පහළට

ඇමරිකාව පැනවූ නව තීරු බදුත් සමඟ ගෝලීය කෝපි මිල වාර්තාගත ලෙස පහත වැටී තිබෙනවා.

පසුගිය දා ට්‍රම්ප් විසින් ප්‍රකාශයට පත් කළ තීරු බදු ලයිස්තුවේ ලොව ප්‍රමුඛතම කෝපි නිෂ්පාදකයා වන වියට්නාමයට 46%ක තීරු බදු ප්‍රතිශතයක් පනවා තිබුණා.

අදාළ බදු එලෙසම ක්‍රියාත්මක වුවහොත්  ඇමරිකාවට වියට්නාම කෝපි ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම නතර කරනු ඇති බවයි ආර්ථික විශ්ලේෂකයන් පවසනවා.