iPhone මිල විශාල ලෙස ඉහළ යයි ද

Apple සමාගමේ නිෂ්පාදනවල මිල සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ නැංවීමට සිදුවනු ඇති බව විශ්ලේෂකයින් ප්‍රකාශ කරනවා.

ඒ ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය විසින් චීනය වෙත 54%ක තීරු බදු පැනවීම හේතුවෙනුයි.

ඒ අනුව, Apple නව ජංගම දුරකථන මාදිලියක මිල ඇමරිකානු ඩොලර් 580 සිට 850 ක් දක්වා ඉහළ යා හැකි වනවා.

Apple I Phone 16 Pro GB 256 ක ධාරිතාවයකින් යුත් දුරකථනයක් ඇමරිකානු ඩොලර් 1,100 සිට 3,500 ක් දක්වා ඉහළ යනු ඇති ඔවුන් සඳහන් කරන්නේ.

එසේම Apple සමාගමේ කොටස් මිල ද 7% කින් පහත වැටි තිබෙනවා.

2019 දී ට්‍රම්ප් ධවල මන්දිරයේ පළමු වරට සිටි විට, Apple සමාගමට චීන තීරුබදු නිදහස් කිරීම් ලබා දෙනු ලැබුවත් මෙවර එසේ නිදහස් කිරීමක් බලාපොරොත්තු නොවිය හැකි බවයි වාර්තා වෙන්නේ.