කොරෝනා පොකුරෙන් ආසාදිතයින් 321ක් දක්වා ඉහළට

දිවුලපිටිය කොරෝනා පොකුරෙන් වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයින් ගණන 321ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එම සියලූම ආසාදිතයින් අදාළ පෞද්ගලික ඇඟලුම් ආයතනයේ කාර්යමණ්ඩල සාමාජිකයින් වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඔවුන් සියලු දෙනාම නිරෝධායනයට ලක්කර සිටින බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

ඊයේ වාර්තා වු ආසාදිතයින් ගණන – 101
අද වාර්තා වු ආසාදිතයින් ගණන – 220

බ්‍රැන්ඩික්ස් ආයතනයේ කොවිඩ් පොකුර මේ වන විට පහත පරිදි වේ.

කාර්ය මණ්ඩල සාමාජිකයින් – 69
නිවාඩු ගොස් සිටින කාර්ය මණ්ඩල සාමාජිකයින් -09

-කුරුණෑගල – 02
-මොනරාගල -01
-යාපනය – 01
-මිනුවන්ගොඩ – 05

නව ආසාදිතයින්
-මිනුවන්ගොඩ – 13
-කටාන – 02
-සීදුව – 01
-දිවුලපිටිය -02
-මීරිගම – 03
-ජාඇළ – 01
-මහර -01