බෝතල් කළ පානීය ජලය සඳහා උපරිම සිල්ලර මිලක්

බෝතල් කළ පානීය ජලය සඳහා උපරිම සිල්ලර මිල නියම කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙම මිල ගණන් 2025 අප්‍රේල් 1 වන දින සිට බලපැවැත්වෙන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

ඒ අනුව, මිලි ලීටර් 500-999 අතර රුපියල් 70ක් ද, ලීටර් 1-1.499 අතර රුපියල් 100ක් ද, ලීටර් 1.5-1.999 අතර රුපියල් 130ක් ද, ලීටර් 2-2.499 අතර රුපියල් 160ක් සහ ලීටර් 5 – 6.999 අතර රුපියල් 350ක් වෙනවා.