රතු පැහැ අතිශය දුර්ලභ දියමන්තියක් අමෙරිකාවේ ස්මිත්සෝනියන් (Smithsonian) කෞතුකාගාරය තුළ මහජන ප්‍රදර්ශනයට එක්කර තිබෙනවා
ඉතාමත් දුර්ලභ ඝනයේ දියමන්තියක් වන මෙය “fancy red” නම් වූ රතු පැහැ දුර්ලභ ඝනයේ ජෙම්ස්ටෝන් වර්ගයේ දියමන්තියක් වනවා.
එය මෙතෙක් සොයා ගෙන ඇති fancy red වර්ණයේ දියමන්ති වලින් විශාලම එක වීම විශේෂත්වයක්.
එය කැරට් 2.33 ක දියමන්තියක් වනවා.
කීර්තිමත් ස්වර්ණාභරණ වෙළෙන්දෙකු සහ මැණික් එකතු කරන්නෙකු වන හැරී වින්ස්ටන්ගේ පුත් රොනල්ඩ් වින්ස්ටන් විසින් මෙම දියමන්තිය කෞතුකාගාරය වෙත පරිත්‍යාග කර තිබෙනවා.
රතු දියමන්තිය ප්‍රදර්ශනය කෙරෙන්නේ එහි පැවැත්වෙන වින්ස්ටන් රෙඩ් ඩයමන්ඩ් සහ වින්ස්ටන් ෆැන්සි කලර් ඩයමන්ඩ් එකතුවත් සමගින් වීම තවත් විශේෂත්වයක්…
ඒ ඇතුළු තවත් දියමන්ති විශාල ප්‍රමාණයක් ද මෙම ප්‍රදර්ශනයට එක්කර තිබීමද කැපී පෙනෙන කාරණයක් වුණා…

