සුපිරි හොලිවුඩ් නළුවෙක් වන Val Kilmer ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඔහු මිය යන විට වයස අවුරුදු 65ක් වූ බවයි වාර්තා වෙන්නේ.
Kilmer අඟහරුවාදා ලොස් ඇන්ජලීස්හිදී නියුමෝනියාවෙන් මිය ගිය බව ඔහුගේ දියණිය Mercedes එක්සත් ජනපද මාධ්‍යයට ප්‍රකාශ කර තිබෙනවා.
ඔහුට 2014 දී උගුරේ පිළිකාවක් ඇති බව හඳුනාගෙන ඇති අතර පසුව එයින් සුවය ද ලැබූ බව ඇය පවසා තිබෙනවා.
මෙම පිළිකාව සඳහා කළ ට්රැකියෝටමි සැත්කම ඔහුගේ කටහඬට බලපෑ අතර ඒ හේතුවෙන් ඔහුගේ රංගන ජීවිතය සීමා වූවා.
කෙසේවෙතත් ඔහු 2022 වසරේ Maverick චිත්‍රපටය හරහා නැවතත් රංගන ජිවිතයට එළඹියා.

