අප්‍රේල් 07 ඔබේ සෙවනැල්ලත් ඔබව හැර යයි

කොළඹට සූර්යා එකඑල්ලේ මුදුන්වීම හේතුවෙන් 2025 අප්‍රේල් මස 7 වන සඳුදා දහවල් 12:12ට සුළු මොහොතකට ඔබේ සෙවනැල්ල අතුරුදන්වී යන බව තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා මහතා පවසනවා.

මේ ඒ සම්බන්ධයෙන් ඔහු දැක්වූ වැඩිදුර අදහස්,

“ඇත්ත වශයෙන්ම මේක දෘෂ්ඨි මායාවක්. වසරක් ගත්තාම මේ අවස්ථාවේ උපරිම සූර්ය ශක්තිය ලැබෙන කාලය ඇවිත් තිබෙන්නේ. ඒ කියන්නේ අප්‍රේල් මාසයේ මුල් සති දෙක තුළ අපේ රටට ඉහළින් සූර්යා මුදුන් වෙනවා. මේ මුදුන්වීම අප්‍රේල් 5 සිට 15 දක්වා පවතිනවා. කොළඹට සූර්යා මුදුන්වීම අප්‍රේල් 7 වනදා සිදුවෙනවා. එදින දහවල් 12:12ට කවුරු හරි එළියට ඇවිත් හිටියොත් ඒ අයගේ සෙවනැල්ල එක මොහොතකට නැති වෙලා යනවා. තමන්ගේ සෙවනැල්ල තමන්ට බලන්න බැහැ. ඒක වෙන කෙනෙක්ට බලන්න පුළුවන්.  මේ තත්ත්වය 4 වෙනිදා සිට 15 වෙනිදා දක්වා දවස් 10ක් පවතිනවා.”

“අපේ රට ඇතුළට සූර්යා පැමිණෙන්නේ 4 වෙනිදා. ඒ කියන්නේ පේදුරුතුඩුවෙන් තමයි මේ මුදුන්වීම ආරම්භ වෙන්නේ. අප්‍රේල් 5 එළමල්දෙණිය, අප්‍රේල් 6 කළුතර, අප්‍රේල් 7 කොළඹ – කැලණිය, අප්‍රේල් 8 නයිනමඩම – මහියංගණය ආදී ප්‍රදේශවලට සූර්යා මුදුන් වෙනවා. 15 වනදා පේදුරුතුඩුවෙන් සූර්යා අපේ රටෙන් ඉවත්වෙලා යනවා.”