නව ජල සැපයුම් සඳහා ඉල්ලුම් කිරීමේ ක්‍රියාවලිය මාර්ගගතව සිදුකිරීමේ පහසුකමක්

 ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් නව ජල සැපයුම් ලබා ගැනීමට ඉල්ලුම් කිරිමේ ක්‍රියාවලිය මාර්ගගතව සිදුකිරීමට පහසුකම් සලසා දී තිබෙනවා.

ඒ අනුව WATER BORD.LK වෙබ් අඩවියට පිවිසිමෙන් අදාළ අයදුම්පත් ලබා ගත හැකි වනවා.

එම ඉල්ලිම් කිරිමෙන් අනතුරුව සති 2ට අඩු කාලයක දි නව ජල සැපයුම් සම්බන්ධතා ලබා ගැනිමට හැකි වනවා.

ඒ පිළිබඳව නියමු ව්‍යාපෘතිය මේ වන විට ක්‍රියාත්මක අතර ඉදිරි සතිය තුළ එමගින් ජල සැපයුම් ලබා දීමට කටයුතු කරනු ඇත.