තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු අවසන් අදියරට

පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු මේ වනවිට අවසන් අදියරට පැමිණ ඇති බව රජයේ මුද්‍රණාලය පවසනවා.

ඒ අනුව අප්‍රේල් මස 05 වැනිදා වන විට එම ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසම වෙත භාරදීමට සැලසුම් කර ඇති බවයි මුද්‍රණාලයාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර මහතා සඳහන් කළේ.

මීට අමතරව පළාත් පාලන  මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සහ ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු ද මේ වන විට සිදුකෙරෙන බවයි ඔහු සඳහන් කළේ.

ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අදාළව සියලුම දිස්ත්‍රික්කවල තොරතුරු මේ වන විට මුද්‍රණාලය වෙත ලැබී ඇති බව සඳහන්ය.