මුස්ලිම් පාසල්වලට විශේෂ නිවාඩුවක්

රාමසාන් උත්සවය වෙනුවෙන් මුස්ලිම් පාසල් සඳහා විශේෂ නිවාඩුවක් ලබා දීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එළැඹෙන 31 වැනි දිනට අමතරව එළැඹෙන 01 වැනි දිනද මුස්ලිම් පාසල් සඳහා නිවාඩු ලබා දීමට අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

මෙම නිවාඩු සඳහා හිලව් සැසි පැවැත්වෙන දිනය පසුව දැනුම් දීමට නියමිතයි.