X, xAI වෙත විකුණයි

බිලියනපතියෙක් වන Elon Musk විසින් X සමාජ මාධ්‍ය ජාලය ඔහුගේම කෘතිම බුද්ධි සමාගම (Artificial Intelligence Company) වන ‘xAI’ වෙත විකුණා තිබෙනවා.

ඒ අනුව xAI සමාගම විසින් ඩොලර් බිලියන 45කට  X මිලදී ගෙන තිබෙනවා.

 මෙම ගනුදෙනුවේ ඩොලර් බිලියන 12ක ණය මුදලක් ද ඇතුළත් වන බවයි X පණිවිඩයක් නිකුත් කරමින් Musk සඳහන් කරන්නේ.

මින් පෙර Twitter ලෙස හැඳින්වූ X සමාජ මාධ්‍ය ජාලය Musk විසින් 2022 වසරේ දී ඩොලර් මිලියන 44කට මිල දී ගනු ලැබුවා.

මේ සම්බන්ධයෙන් Musk විසින් නිකුත් කළ X සටහන පහතින්,