බිලියනපතියෙක් වන Elon Musk විසින් X සමාජ මාධ්‍ය ජාලය ඔහුගේම කෘතිම බුද්ධි සමාගම (Artificial Intelligence Company) වන ‘xAI’ වෙත විකුණා තිබෙනවා.
ඒ අනුව xAI සමාගම විසින් ඩොලර් බිලියන 45කට X මිලදී ගෙන තිබෙනවා.
මෙම ගනුදෙනුවේ ඩොලර් බිලියන 12ක ණය මුදලක් ද ඇතුළත් වන බවයි X පණිවිඩයක් නිකුත් කරමින් Musk සඳහන් කරන්නේ.
මින් පෙර Twitter ලෙස හැඳින්වූ X සමාජ මාධ්‍ය ජාලය Musk විසින් 2022 වසරේ දී ඩොලර් මිලියන 44කට මිල දී ගනු ලැබුවා.
මේ සම්බන්ධයෙන් Musk විසින් නිකුත් කළ X සටහන පහතින්,

