ලංකාවේ Youtube ඉතිහාසය වෙනස් කිරීමට චරිත් එන්. සිල්වා ගේ Wild Cookbook චැනලය සමත් වී තිබෙනවා.
ඒ subscribers මිලියන 10 සීමාව පසුකර යාමට සමත් වූ ශ්‍රී ලංකාවේ පලවෙනි Youtube චැනලය බවට පත්වෙමිනුයි.
ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රථම Diamond Play Button එක හිමිකරගැනීමට ද ඔහු සමත් වුණා.
2020 වසරේ දී දියත් කරන ලද මෙම Youtube චැනලයේ වීඩියෝ 600කට අධික සංඛ්‍යාවක් ඇති අතර, එය බිලියන 4කට වැඩි නැරඹුම් ලබාගෙන තිබෙනවා.
චරිත් සිය ප්‍රේක්ෂකයින්ට කෘතඥතාව පළ කරමින් පවසා සිටියේ ’10 Million කෝටි වාරයක් ස්තූතියි’ යනුවෙනි.


